කොරෝනා ආසානය වීමත් සමඟ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් නව ගැටලුවලට මුහුණපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ගේ මාධ්‍ය ලේකම් පැවසුවේ ජනාධිපතිවරයාට නිසි පරිදි එන්නත්කරණය ද සිදු කර ඇති බවයි. 81 හැවිරිදි බයිඩ්න්ට මීට පෙර ද දෙවරක්ම කොවිඩ් ආසාදනය වී තිබෙනවා.
මේ අතර සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පසුගියදා ප්‍රකාශ කර තිබුණේ තරග කිරීමට තමාට ශක්තිය ඇති නමුත් වෛද්‍යවරුන් කවුරුන් හෝ පැවසුවහොත් ජනාධිපතිවරණයෙන් ඉවත්වීම ගැන සලකා බලන බවයි.
සුවය ලබන අතරතුර ඇමෙරිකා ජනතාව වෙනුවෙන් සේවය කරන බව ජනාධිපතිවරයා එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
කොරෝනා ආසාදනය වීමත් සමඟ ඔහු සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ද තාවකාලිකව නතර කිරීමටයි කටයුතු කර ඇත්තේ.