Sun. Jun 29th, 2025

ඉන්දියාවේ වෛද්‍යවරු වර්ජනය අවසන් කරයි

Aug23,2024

ඉන්දියාවේ වෛද්‍යවරු දීපව්‍යාප්තව ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

අභ්‍යාසලාභී වෛද්‍යවරියක දූෂණය කර ඝාතනය කිරීමට එරෙහිවයි ඉන්දීය වෛද්‍යවරු වැඩවර්ජනයක් පසුගිය සතියේ දී ආරම්භ කළේ.

අත්‍යවශ්‍ය නොවන සේවාවලින් වැලකී සිටිමට එහිදි ඔවුන් කටයුතු කළා.

දින 11ක් පුරා එම වැඩවර්ජනය ක්‍රියාත්මක වු අතර ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෛද‍්‍යවරුන්ගෙන් නැවත සේවයට වාර්තා කරන ලෙස සිදුකළ ඉල්ලීමට අනුවයි මෙලෙස වැඩවර්ජනය අත්හිටුවා ඇත්තේ.

වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමට ආරක්ෂක අංශ සහතික වීම ද වැඩවර්ජනය අවසන් කිරීමට හේතුවී තිබෙනවා.

වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය අත්හිටුවීම රෝගීන්ට මහත් අස්වැසිල්ලක් බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *