අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නගරයේ ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා.
ඉන්දියාවේ දිල්ලි අගනුවරට තාප තරංගවලින් අඛණ්ඩ බලපෑම් එල්ල වු 9 වන දිනය අදයි.
එමෙන්ම දිල්ලි නගරයේ උෂ්ණත්ව සෙල්සියස් අංශක 40 ඉක්මවු 35 වන දිනය ලෙස ද අද දිනය සැලකෙනවා.
අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිල්ලි නගරයට රතු නිවේදන නිකුත් කර ඇති අතර ලබන බ්‍රහස්පතින්දා වන විට වැසි ආරම්භ විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ.
අධික උෂ්ණත්වය හේතුවෙන් හෘදයාබාධ ඇති විය හැකි බැවින් වයස්ගත හා කුඩා දරුවන් පිළිබද අවදානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.