Sun. Jun 29th, 2025

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 66 දක්වා ඉහළට

Jul9,2024

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ දී පමණක් ඇසෑම් ප්‍රාන්තයේ පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි ප්‍රාන්ත ආපදා කළමනාකරණ අධිකාරිය නිවේදනය කරන්නේ.

ඇසෑම් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 35න් 28කට ගංවතුරෙන් දැඩි බලපෑමෙන් එල්ල වී තිබෙනවා.

ගම්මාන 3446ක ලක්ෂ 23කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ අධිකාරිය තවදුරටත් පවසන්නේ.

හෙක්ටාර 68000කට අධික වගාබිම් ගංවතුර හේතුවෙන් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

54000කට ආසන්න සංඛ්‍යාවක් සහන කදවුරු 269කට යොමුකර ඇති බව ද ප්‍රාන්ත ආපදා කළමනාකරණ අධිකාරිය සදහන් කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *