අගමැති ධුරයෙන් ඉවත්ව පලා ගිය බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගන්නා ලෙස එරට අධිකරණයක් නියෝග කර ඇතැයි වාර්තා වෙනවා.
බංග්ලාදේශ ප්‍රධාන නීතිපතිවරයා කියා සිටියේ හසීනා සහ තවත් 45ක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බවයි.
ඇයට එරෙහිව සමූල ඝාතන සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා ගොනු කර තිබෙනවා. ශිෂ්‍ය උද්ඝෝෂණ මර්දනයේදී 1000කට වැඩි පිරිසක් ඝාතනය කර තිබුණා.
මෙම මර්දනය නවතන්නැයි මානව හිමිකම් සංවිධාන හසීනා රජයට බල කර සිටිය ද ඇය එය තැකුවේ නැහැ. කෙසේ වෙතත් සති කිහිපයකට පසු රට පුරා නැගුණු උත්සන්නියෙන් හසීනා ඉල්ලා අස්වී ඉන්දියාව වෙත පලා ගියේ පසු ගිය අගෝස්තුවේදීයි. ඇය වෙනුවට නොබෙල් සාම සම්මානලාභී ආර්ථික විද්‍යාඥ මුහම්මද් යුනුස් බංග්ලාදේශ අගමැති ධුරයට පත් වුණා.
බංග්ලාදේශයෙන් පලා ගිය පසු හසීනා මෙතෙක් ප්‍රසිද්ධියේ පෙනී සිට නැහැ. 77 හැවිරිදි හිටපු අගමැතිනිය නව දිල්ලියට නුදුරු යුද කේන්ද්‍රයක රැඳී සිටින බව සඳහන් වෙනවා.