Sat. Jun 28th, 2025

Telegram ලොක්කා අත්අඩංගුවට

Telegram ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් (Pavel Durov) ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ පෞද්ගලික ජෙට් යානය ප්‍රංශයේ Le Bourget ගුවන් තොටුපළට ගොඩබැස්සවීමෙන් පසුව Telegram සම්බන්ධ වැරදි පිළිබඳ වරෙන්තුවක් යටතේ ඔහු මෙසේ රඳවාගෙන ඇති බව ප්‍රංශ මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනවා.

Facebook, YouTube, WhatsApp, Instagram, TikTok සහ Wechat වලට පසුව Telegram ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලයක් ලෙස ශ්‍රේණිගත කර තිබෙනවා.

පරිශීලක දත්ත ලබාදීම ඩුරොව් විසින් මීට පෙර ප්‍රතික්ෂේප කිරීම නිසා 2018 දී මෙම යෙදුම රුසියාවේ තහනම් කළ ද 2021දී එම තහනම ඉවත් කළා. කෙසේ වුවත් Telegram රුසියාව, යුක්රේනය සහ පැරණි සෝවියට් සංගමයේ ප්‍රාන්තවල විශේෂ ජනප්‍රියත්වයක් උසුලනවා.

ඩුරොව් 2013 දී Telegram ආරම්භ කළ අතර ඔහු 2014 දී රුසියාව හැර ගියේ ඔහු විසින් රජයේ ඉල්ලීම්වලට අනුකූල වීම ප්‍රතික්ෂේප කරමින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *