බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සිසුන් විසින් ආරම්භකර ඇති විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් රට තුළ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
පොලීසිය විසින් විරෝධතාකරුවන් පාලනය සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකර ඇති අතර එසේම කටකතා පැතිරීම වැලැක්වීම සඳහා ජංගම දුරකථන සඳහා අන්තරජාල පහසුකම් අත්හිටුවීමට ද පියවර ගෙන තිබුණා.
නිදහස් සටන සඳහා එක්වූ පවුල්වල දරුවන් සඳහා රැකියාවලින් 30%ක් වෙන් කිරීමට රජය ගෙන ඇති තීරණය ඉවත්කර ගන්නා ලෙස ඉල්ලමින් සිසු විරෝධතා පැවැත්වෙනවා.
ඇතිවූ ගැටුම් හේතුවෙන් මේ දක්වා 6 දෙනෙක් මියගොස් විශාල ගණනක් තුවාල ලබා තිබෙනවා.