Fri. Jun 27th, 2025

ඇමරිකාවේ තවත් ඛේදවාචකයක්: ගුවන්යානය හෙලිකොප්ටරයේ ගැටී ගඟට වැටේ!

Jan30,2025 #news #world

ඇමරිකා එක්සත් ජනපදයේ බිහිසුණු ගුවන් අනතුරක් සිදුව තිබෙනවා. ඒ මගීන් 64ක් සහ කාර්ය මණ්ඩලය 4ක්ද සහිතව ගමන් ගත් ගුවන් යානයක් සහ හමුදා බ්ලැක්හෝක් හෙලිකොප්ටරයක් ගැටී දෙකම පොටෝමැක් නදියට වැටීම නිසායි.

මේ දක්වා දිවි ගලවා ගැනීම් මෙහෙයුම් දියත් කළද ගලවා ගැනීම් ගැන වර්තා වන්නේ නැහැ. හදිසි අනතුරු සම්බන්ධ ආයතන සැක පළ කරන්නේ දිවි ගැලවීමක් සිදු විය නොහැකි බවයි. කෙසේ වෙතත් මේ වන විට මළසිරුරු 16ක් පමණ සොයාගෙන ඇතැයි ප්‍රාදේශීය වාර්තා ඇසුරෙන් අල්-ජසීරා වාර්තා කරනවා.

“රේගන් ජාතික ගුවන්තොටුපළේ සිදු වූ භයානක අනතුර පිළිබඳව තමාට සම්පූර්ණයෙන් දැනුම්වත්” බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

“දෙවියන් වහන්සේ ඔවුන්ගේ ආත්මයන්ට ආශීර්වාද කරත්වා,” පවසන ජනපතිවරයා අනතුර වූ සැණින් මැදිහත්වූ පිරිස විසින් සිදු කරන ලද සේවයට ස්තුතිය පළ කරමින් කියා සිටින්නේ තමා මේ ගැන නිරන්තර අවධානයෙන් සිටින බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *