නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන්ගේ නිල ගුවන් යානයේ දෝෂයක් හටගෙන තිබෙනවා.
ඒ ඔහු ජපානය බලා යමින් සිටියදීයි.
දෝෂය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාට සාමාන්‍ය ගුවන් යානයක මගීන් අතරේ අසුන් ගෙන ජපානය බලා යෑමට සිදුවූ බව සඳහන්
නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා නිල ගුවන් යානය ලෙස භාවිතයට ගන්නේ නවසීලන්ත ගුවන් හමුදාවට අයත් යානයක්.
අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ පිරිවර රැගෙන ජපානය බලා ගමන් ආරම්භ කළ එම ගුවන් හමුදා යානය පැපුවා නිව්ගිනියාවේදී ඉන්ධන පුරවා ගැනීමට ගොඩබෑ අවස්ථාවේදී දෝෂය හටගත් බව සඳහන්.
එය යානයේ එක් තටුවක දෝෂයක් බවයි සඳහන් කර ඇත්තේ.