යුක්රේන ජනපති සෙලෙන්ස්කිගේ උපන් ගම වන ක්රිව්යිරි වෙත රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් 9 දෙනෙකු මිය ගියා.
තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
යුක්රේන නීතිපති කාර්යාලය පවසන්නේ එම මිසයිල නේවාසික ගොඩනැගිල්ලකට එල්ල කර ඇති බවයි.
ඉන් තුවාල ලැබූවන් අතර ළමයින් පස් දෙනෙකු ද වනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අදහස් දක්වා නැහැ.