ඇඳුම් ලිහා දමා බිකිනියකින් සැරසී ඉරානයේ ටෙහෙරානයේ ඉස්ලාමීය අසාද් සරසවියේ ඔබ මොබ ගිය සිසුවිය පසුගිය දිනවල ලෝක පුවත් අතර මුල් තැනක් ගත්තා. ඉරානයේ දැඩි කාන්තා නීතිරීති – ඇඳුම් වාරණවලට එරෙහිව ඇය මෙලෙස විරෝධය පළ කරනු ලැබුවා.
කෙසේ වෙතත් ඇයව බලධාරීන් විසින් මානසික රෝහලකට යවා ප්‍රතිකාර කර නිදහස් කර තිබෙනවා. ඉරාන බලධාරීන් හිස් ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කරන කාන්තාවන් මානසික රෝගීන් ලෙස සලකනු ලබනවා. මෙය ලොව මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට හේතු වී තිබෙනවා.