Mon. Jun 30th, 2025

ධවල මන්දිරයෙන් පිටවෙන්න – බයිඩන්ගෙන් ඉල්ලයි

Jul23,2024

ජෝ බයිඩෙන්ට ධවල මන්දිරයෙන් පිටවන ලෙස ඇමරිකා රිපබ්ලිකන් පාක්ෂිකයන් ඉල්ලා සිටිනවා.

2024 ජනාධිපතිවරණ තරඟයෙන් තමන් ඉවත් වන බව ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන්ට ඊයේ ප්‍රකාශ කළා.

ඒ සමග බොහෝ රිපබ්ලිකානුවන් ඉල්ලා සිටියේ ජෝ බයිඩෙන් ඉක්මනින් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී ධවල මන්දිරයෙන් පිටව යා යුතු බවයි.

රිපබ්ලිකන් නායකයින් කියා සිටින්නේ බයිඩෙන් ගත් තීරණය ඔහු ජනාධිපති ලෙස සේවය කිරීමට සුදුසු නොවන බවට තමන්ගේ මතය සනාථ කළ බවයි.

පසුගිය මාසයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පවතී විවාදයේදී ජෝ බයිඩෙන් අසාර්ථකත්වයක් පෙන්නුම් කළා.

ජනාධිපති ධුරයට තරඟ කිරීමට ඔහු සුදුසු නොවේ නම් ජනාධිපති ලෙස කටයුතු කිරීමට ද නුසුදුසු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් ලබන ජනවාරි මාසය තෙක් ධුරයේ රැඳී සිටින බව බයිඩෙන් ප්‍රකාශ කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *