හාවඩ් සහ මොන්ටානා තාක්ෂණික විශ්ව විද්‍යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෑතකාලීන පත්‍රිකාවක් මගින්, හඳුනා නොගත් තාක්‍ෂණික වශයෙන් දියුණු ජීවීන් කොට්ඨාශයක් පෘථිවියේ මිනිසුන් අතර රහසිගතව ජීවත් විය හැකි බවට අනුමාන කරයි,
මෙම ජීවීන් මිනිසුන් ලෙස වෙස්වලාගෙන සිටිය හැකි අතර ඔවුන් පෘථිවියේ අනාගතයෙන් පැමිණි අය හෝ බුද්ධිමත් ඩයිනෝසෝරයන්ගෙන් පැවත එන්නට ඇතැයි පර්යේෂකයෝ පවසති.
මීට පෙරද ඇමරිකානු බුද්ධි නිලධාරියකු සඳහන් කර තිබුණේ ඇමරිකානු රජය පාපන්දු පිටියක ප්‍රමාණයේ හඳුනා නොගත් පිටසක්වල යානාවක් සඟවාගෙන සිටින බවය.