Sat. Jun 28th, 2025

අප්‍රිකා රටවල නායකයින් චීනයට

Sep2,2024

2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව සැප්තැම්බර් 4 – 6 යන දිනවල බෙයිජිං අගනුවරදී පැවැත්වීමට නියමිතයි. ‘එක්සත්ව නවීකරණය ප්‍රවර්ධනය කරමින්, පොදු ඉරණමක් සහිත උසස් මට්ටමේ චීන-අප්‍රිකානු ප්‍රජාව ගොඩනැගීම’ මෙවර සමුළුවේ තේමාව වනවා.

මේ සඳහා සහභාගී වීමට අප්‍රිකානු රටවල් රැසක නායකයන් බෙයිජිං නගරයට මේ වනවිටත් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. සැම්බියාව, දකුණු සුඩානය, එරිත්‍රියාව, නයිජිරියාව, ගිනියා යනාදී අප්‍රිකානු රටවල් රැසක ‍ ජනාධිපතිවරුන් ඒ අතර වන බවයි චීන මාධ්‍ය සමූහය වාර්තා කරන්නේ

එමෙන්ම චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙම නායක සමුළුවට එක් වන විදෙස් නායකයන් හමු වීමට නියමිත බව ද වාර්තා වනවා. මෙය මෑත වසරවල දී චීනය රට තුළ සංවිධානය කළ විශාලතම හා වැඩිම විදෙස් නායකයින් පිරිසක් සහභාගී වන රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකම වීම ද විශේෂත්වයකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *