Sat. Jun 28th, 2025

ඇෆ්ගනිස්තාන කාන්තාවන් තලෙයිබාන් සංවිධානයේ නව නීතිවලට එරෙහි වෙයි

Aug30,2024

ඇෆ්ගනිස්තාන කාන්තාවන් තලෙයිබාන් සංවිධානයේ නව නීතිවලට විරෝධය දැක්වීම ආරම්භ කර තිබෙනවා.

ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට ප්‍රසිද්ධියේ ගීත ගායනා කිරීම හා කතා කිරීම තහනම් කරමින් පසුගිය දා තලෙයිබාන් සංවිධානය නව නීති පැනවුවා.

ඊට විරෝධය දැක්විම සදහා එරට කාන්තාවන් සමාජ මාධ්‍යය ඔස්සේ කාන්තා කටහඩට තහනමක් නොමැත යන තේමාව යටතේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

කාන්තාවන් ගීත ගායනා කරන හා ඔවුන්ගේ හඩ දැක්වෙන විඩියෝ පට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමටයි මෙහිදි පියවර ගෙන ඇත්තේ.
එහිදී ඇෆ්ගනිස්තානය තුළ අතිශය ජනාදරයට පත් ගීත ගායනා කිරීමට මෙම කාන්තාවන් පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම තලෙයිබාන්වරුන්ගේ සීමා කිරීම හා නීතිවලට විරෝධය දක්වන ලෙසයි ඔවුන් තලෙයිබානයේ සියලුම පිරිමින්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර කාන්තාවන්ගේ කටහඩට සීමා පැනවීම අතිශය ම්ලේච්ඡ ක්‍රියාවක් බවයි මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *