අමෙරිකාවේ නිව්යෝර්ක් හි රොචෙස්ටර් නගරයේ නගරයේ පිහිටි මේපල්වූඩ් උද්‍යානයේ දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
වෙඩිවැදීමෙන් මියගිය පුද්ගලයා 20හැවිරිදි අයෙකු වන අතර තුවාල ලැබූ එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාළ වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය විමර්ෂණ ආරම්භ කර ඇති බවද සඳහන් .