Fri. Jun 27th, 2025

සත් මසක දරු ගැබ දරාගෙන ඔලිම්පික් තරඟ බිමට ආ මව

Jul30,2024

ඊජිප්තු ක්‍රීඩිකා නාඩා හෆීස් කාන්තා ෆෙන්සිං ඉසව්ව සඳහා සත් මසක දරු ගැබක් සහිතව තරඟ වැදී තිබෙනවා.

එහෙත් ඇය අවසන් 16 දෙනාගේ වටයේදී පරාජයට පත්වුණා.

26 හැවිරිදි නාඩා මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වූයේ තුන්වැනි වරටයි.

ඇය සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ තරඟ වේදිකාව තුළ ක්‍රීඩකයන් දෙදෙනෙකු දක්නට ලැබුණ ද සැබැවින්ම එහි තුන් දෙනෙකු සිටින බවයි.ඒ තම කුසේ සිටින සත් මස බිළිඳිය සමඟයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *