Mon. Jun 30th, 2025

2018 වසරේ සිට 2023 වසර දක්වා දකුණු අප්‍රිකාවේ මනුෂ්‍ය ඝාතන 115,000ක්

Aug13,2024

දකුණු අප්‍රිකාවේ සිදුව ඇති මනුෂ්‍ය ඝාතනයන්ගෙන් තුනෙන් දෙකකට විසඳුම් ලබාදීමට එරට පොලීසියට හැකිවී නොමැති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

2018 වසරේ සිට 2023 වසර දක්වා කාලය තුළ දී දකුණු අප්‍රිකාවේ සිදුව ඇති මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 115,000ක් ලෙසයි සටහන් වන්නේ.

ඉන් 76,000ට ආසන්න මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාවකට විසදුම් ලබාදීමට පොලීසියට හැකියාව ලැබී නැහැ.

මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයන්ට අදාළව ප්‍රමාණවත් සාක්ෂි නොලැබීම හා පුහුණු නිලධාරීන් නොමැතිවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.

එමෙන්ම විමර්ශන කටයුතු සදහා ප්‍රමාණවත් තරම් පහසුකම් හා මුදල් නොලැබෙන බවද සඳහන්.

මනුෂ්‍ය ඝාතනයන්ට අමතරව ස්ත්‍රී දූෂණ සිද්ධීන් 61,000කට අධික සංඛ්‍යාවක් හා පැහැර ගැනීම් 9,000ක් පමණ විසදීමට ද දකුණු අප්‍රිකා පොලීසිය මේ වන තෙක් සමත්වී නැහැ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *