Fri. Jun 27th, 2025

ස්පාඤ්ඤයේ තක්කාලි උත්සවයට මෙවරත් අති විශාල පිරිසක්

Aug29,2024

ස්පාඤ්ඤයේ සාම්ප්‍රදායික ටොමැටිනා උත්සවය පසුගියදා පවත්වා තිබෙනවා.

නැගෙනහිර ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරය ආසන්නයේ බුනෝල් හි පවත්වා ඇති මෙම ටොමැටිනා උත්සවය අතරතුර ඊට සම්බන්ධ වූවන් තක්කාලි සෝස්වල පිහිනීම, තක්කාලි එකිනෙකාට විසි කිරීම සහ “තක්කාලි දේවදූතයන්” පවා සෑදීම කළා.

මේ වසරේ මෙම උත්සවය පුද්ගලයින් 22,000 කට සීමා වී ඇති අතර ඊට සහභාගී වූ බොහෝ දෙනා විදෙශිකයන් වනවා.

අධික ලෙස ඉදුණු තක්කාලි එකිනෙකාට විසි කර ගනිමින් විනෝද වන මෙම උත්සවයට තක්කාලි ටොන් 150ක් සහිත ට්‍රක් රථ හතක් එක් කළ බව සඳහන්.

පැයක් පුරා පැවති තක්කාලි සටන විදේශිකයන්ට යූරෝ 15 ක මුදලක් ගෙවා එක් වීමට තිබූ අතර ස්වදේශිකයන්ට නොමිලේ සම්බන්ධ විය හැකි වූවක්.

වසරක් පාසා පැවැත්වෙන මෙම තක්කාලි උත්සවයට ලොව පුරා ජනතාව විශාල වශයෙන් ආකර්ෂණය වනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *