ඩයිනෝසරයෙකුගේ ඇටසැකිල්ලක් ඩොලර් මිලියන 44යි දශම 6කට අලෙවි වී තිබෙනවා.
එය මෙතෙක් ෆොසිලයක් සඳහා ගෙවු ඉහළම මුදල බවයි වාර්තා වන්නේ.
නිව්යෝර්ක් නගරයේ දී මෙම වෙන්දේසිය සිදුවුණා.
අඩි 11ක් උස / අඩි 27ක් දිග මෙම ඩයිනෝසර ඇටසැකිල්ල මෙතෙක් සොයා ගෙන ඇති සම්පුර්ණම ඇටසැකිලිවලින් එකක් බවයි වාර්තා වුණේ.
2022 දී කොළරාඩෝ ප්‍රාන්තයේ ඩයිනොසෝර් නගරය ආසන්න පාෂාණ විශේඥයෙකුට හමුවී තිබු මෙම ඩයිනෝසර ඇටසැකිල්ල ඇපෙක්ස් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුවා.
වසර මිලියන 150කට පෙර ජුරාසික් යුගයේ දී ඇපෙක්ස් ජිවත්වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.
ඇපෙක්ස් මිලදී ගැනීමට ගැණුම්කරුවන් 7 දෙනෙකු ඉදිරිපත් වී සිටි අතර මිලදී ගත් අයගේ අනන්‍යතාව හෙළි කර නැහැ.