ඊශ්‍රායලය නුසෙයිරාට් සරණාගත කඳවුර වැටලීම සංකීර්ණ යුද අපරාධයක් ලෙස හඳුන්වන බව හමාස් සංවිධානය පවසනවා.
ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව සෙනසුරාදා ඊශ්‍රායලය නුසෙයිරාට් කඳවුර වැටලීමේදී මියගිය පුද්ගලයන් ගණන 274 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් 64දෙනෙකුම කුඩා දරුවන්.
තවත් 700 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එහි වැඩිදුරටත් සඳහන්.
මේ අතර ඊශ්‍රායල කැබිනට් අමාත්‍ය බෙනි ගැන්ට්ස් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ආන්ඩුවෙන් ඉවත් වූයේ ද ගාසා තීරයට එරෙහි යුද්ධයේදී අසාර්ථක වූ බවට චෝදනා කරමින්.
ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයෙන් පුද්ගලයන් 37,084 ක් මිය ගොස් 84,494 ක් තුවාල ලබා තිබෙනවා. හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1,139 ක්.