Sat. Jun 28th, 2025

තායිවානයට රික්ටර් පරිමාණ 6.1ක භූමිකම්පාවක්

Apr27,2024

ආසන්න දින කිහිපයක සිට විටින් විට භූකම්පන ඇති වන තායිවානයේ මෙරට වේලාවෙන් අද (27) අළුයම තවත් භූමිකම්පාවක් ඇතිව තිබෙනවා.

තායිපේ අගනුවර ආසන්නයේ කිලෝමීටර් 24.9ක් (සැතපුම් 15.5 ක්) ගැඹුරින් මෙය සිදුව ඇති අතර මෙය රික්ටර් පරිමාණ 6.1ක අගයක් ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.

මෙය තායිවානයේ පළමුවෙන්ම භූකම්පන හටගත් නැගෙනහිර Hualien ප්‍රාන්තය ආසන්යනයේම සිදුව ඇත.

කෙසේ වෙතත් මින් සිදු වූ හානිය පිළිබඳ මේ දක්වා වාර්තාවක් එරටින් වාර්තා කර නොමැත.

පුද්ගලයන් 17 දෙනෙකුට මරු කැඳවමින් මෙම මස මුලදී Hualien ප්‍රාන්තයේ ඇති වූ රික්ටර් පරිමාණ 7.2ක භූමිකම්පාවෙන් පසු මේ දක්වා භූකම්පන 1,000කට අධික සංඛ්‍යාවක් තායිවානයේදී සිඳුව තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *