Fri. Jun 27th, 2025

ගොඩනැගිල්ලක උඩින් පැන්න තරුණියක් ඇඟේ වැදී කතක් මරුට

Sep2,2024
Å@îÚÇ—ç~ÇËÇ≈ï‡çsé“Ç™ä™Ç´çûÇ‹ÇÍÇΩâ°ïlâwïtãflÇÃåªèÍÇ…ãÏÇØïtÇØÇΩåxé@äØÅÅÇRÇPì˙åflå„ÇXéûÇSÇOï™

ජපානයේ යොකොහාමා නගරයේ ගොඩනැගිල්ලක 12 වැනි තට්ටුවෙන් බිමට පැන්න 17 හැවිරිදි පාසල් සිසුවියක් ඇඟට වැටී පදික වේදිකාවක ගමන් කළ 32 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම අනතුරින් 17 හැවිරිදි පාසල් සිසුවියද මරණයට පත්වී ඇති බවත් එම සිසුවිය සියදිවි නසා ගැනීමේ බලාපොරොත්තුවෙන් සාප්පු සංකීර්ණයක්වූ එම ගොඩනැගිල්ලේ 12 වැනි තට්ටුවෙන් බිමට පැන ඇති බවත් ජපන් පොලිසිය තිබෙනවා.

තුවාල සහිතව කාන්තාවක් සහ තරුණියක් බිම වැතිර සිටින බවට පසුගිය 31 වැනිදා සවස 6 ට පමණ ජපාන පොලිසියට ඇමැතුමක් ලැබී ඇති බවත් වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයට ගොස් ඇති බවත් ජපාන මාධ්‍ය වාර්තා කළා.

32 හැවිරිදි කාන්තාව ආයතනික සේවිකාවක් බවත් 17 හැවිරිදි පාසැල් සිසුවිය උසස් පාසලක තෙවැනි වසරේ ශිෂ්‍යාවක් බවත් ජපාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *