Sat. Jun 28th, 2025

රස්නය නිසා ඔඩිසා ප්‍රාන්තයේ 8ක් මරුට

Jun11,2024

ඉන්දියාවට බලපා ඇති උෂ්ණ තරංග හේතුවෙන් තවත් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දියාවට අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර ඉන් වැඩිම හානියක් සිදුවී ඇත්තේ ඔඩිසා ප්‍රාන්තයටයි.

පසුගිය පැය 72ක තුළදී එම ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 8ක්.

එමෙන්ම පසුගිය මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා අධික උෂ්ණත්වය හේතුවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 60ක් ලෙස සටහන් වනවා.

එහෙත් මිය ගිය සංඛ්‍යාව ඊට වඩා බොහෝ වැඩි අගයක් විය හැකි බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.

මේ වන විට ඉන්දීයාවේ ඇතැම් ප්‍රදේශයන් බලපා ඇති උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇති අතර උෂ්ණ තරංගයන්ගෙන් වැඩිම කාලයක් බලපෑම් එල්ල වූ වසර ලෙස ද මෙය සටහන් වනවා.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *