දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ලෝක ප්‍රකට තිරුපති කෝවිල් භූමියේ තෙරපීමකින් පුද්ගලයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මේ අනතුර සිදුවී ඇත්තේ තිරුපති කෝවිලේ අද ආරම්භ වීමට නියමිත විෂ්ණු පූජාව සඳහා සහභාගි වීමට ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට අතිවිශාල බැතිමතුන් පිරිසක් එක්රොක් වීම හේතුවෙන් බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා. තෙරපීම හේතුවෙන් තුවාල ලැබූ තවත් විශාල බැතිමතුන් පිරිසක් රෝහල්ගත කර තිබෙනවා.
දින 10ක් පුරා පැවැත්වෙන විෂ්ණු පූජාව තිරුපති කෝවිලේ ජනවාරි මාසයේ විශාලතම ආගමික උත්සවය වෙනවා. ඒ සඳහා දෙස් විදෙස් හින්දු බැතිමතුන් විශාල සංඛ්‍යාවක් සහභාගි වන අතර ප්‍රවේශපත්‍ර එක්ලක්ෂ විසිදහසක ප්‍රමාණයක් බෙදා දීම සඳහා කවුළු 4ක් ස්ථාපිත කර තිබූ බවත්, ප්‍රවේශපත්‍ර ලබාගැනීම සඳහා රැස්වූ බැතිමතුන් අතර නොසන්සුන්තාවක් හටගත් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.