2024 ගෝලීය කෘත්‍රිම බුද්ධි සමුළුව සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ගෝලීය පරිපාලනය පිළිබඳ උසස් මට්ටමේ සමුළුව ඇරඹුනා.
ඒ ඊයේ (04) චීනයේ ශැංහයි නුවර දී.
චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ඊට සහභාගි වෙමින් අවධාරණය කළේ, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ සංවර්ධනය උදෙසා විවිධ රටවලට සංවාද පැවැත්වීම සඳහා අවස්ථා උදා කර දීම අත්‍යවශ්‍ය බවයි.
එම සහයෝගිතා ඔස්සේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ පහසුකම් පුළුල් කොට ගෝලීය සංවර්ධනය හා ජනතා සුබසෙත සහතික කිරීමට චීනය සූදානම් බව ද හෙතෙම පැවසුවා.
විවිධ රටවල නියෝජිතයන් 1000 ක් පමණ සමුළුවේ සමාරම්භක උළෙලට එක්ව සිටියා.