Sat. Jun 28th, 2025

අක්කර 17,000ක් පුරා පැතිර ඇති ලැව්ගිනි

Jun18,2024
Flames from the Lava Fire burn along a ridge near U.S. Highway 97 and Big Springs Road north of Weed, Calif., on Monday, June 28, 2021. (Scott Stoddard/Grants Pass Daily Courier via AP)

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව්ගිනි මේ වනවිට අක්කර දාහත් දහසක් පුරා පැතිර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය සති අන්තයේ දී ආරම්භ වූ ලැව්ගිනි මේ වනවිට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

උණුසුම් වියළි කාලගුණය හා අධික සුළං හේතුවෙන් ලැව්ගිනි පාලනය කිරීම අසීරු තත්ත්වයකට පැමිණ ඇති බවද ගිනි නිවන කණ්ඩායම් පවසනවා.

සිය ගණනක පිරිසක් තම නිවාසවලින් ඉවත්කර ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

ලැව්ගිනි හේතුවෙන් අධිවේගී මාර්ග කීපයක ගමනා ගමන කටයුතු ද තාවකාලිකව අත්හිටුවීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා

ලැව්ගිනි හේතුවෙන් වායු දූෂණය ඉහළ යාමත් සමග ජනතාවට ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙසයි දැනුම් දී ඇත්තේ.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *