ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අමෙරිකානු ඩොලර් මිලියන 15ක, එනම් ශ්‍රී ලංකා රුපියල් කෝටි 448ක අරමුදලක් පිහිටුවීමේ යෝජනාවක් සම්මත කර තිබෙනවා.
ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය යන ‘බිග් ත්‍රී’ නමින් හඳුන්වන රටවල් තුන හැර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන අනෙකුත් රටවලට සහායවීම උදෙසා මේ අරමුදල ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.
ඔස්ට්‍රේලියාව විසින් යෝජනා කරන ලද මේ අරමුදල පිහිටුවීමේ වැඩපිළිවෙළට මීළඟ අයිසීසී සභාපති වීමට නියමිත ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා සහ එංගලන්ත, වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ සහාය ලැබී ඇති බවයි, වැඩි දුරටත් වාර්තා වන්නේ.
මෙහි මූලික අරමුණ වන්නේ ක්‍රීඩකයන්ට ටෙස්ට් තරගවලදී හොඳ තරග ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම බවත් මෙම වැඩපිළිවෙළින් පසුව සෑම රටකම ටෙස්ට් තරගයක ක්‍රීඩකයකුගේ ගාස්තුව ඉන්දීය රුපියල් ලක්ෂ 8ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 29ක්) පමණ වනු ඇති බවත් වාර්තා වෙනවා.