Sat. Jun 28th, 2025

අධික උණුසුම හේතුවෙන් හජ් වන්දනේවේ ගිය 14 දෙනෙකු මරුට

Jun17,2024

අධික උණුසුම හේතුවෙන් හජ් වන්දනාකරුවන් 14 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

හජ් වන්දනාව අතරතුර ඇතිවූ දැඩි උණුසුම හේතුවෙන් ජෝර්දාන පුරවැසියන් 14 දෙනෙකු මෙලෙස මියගොස් තිබෙනවා.

ජෝර්දාන විදේශ අමාත්‍යාංශය පැවසුවේ ආඝාතයට ගොදුරු වීමෙන් ඔවුන් මිය ගොස් ඇති අතර තවත් 17 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

අතුරුදන්වූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුවනවා. හජ් යනු ලොව විශාලතම මහජන ඒකරාශීවීම්වලින් එකක්.

සෞදි බලධාරීන්ට අනුව මෙම වසරේ වන්දනාකරුවන් මිලියන 1.8 කට වැඩි පිරිසක් ඊට සහභාගී වනවා.

මෙම සතියේ මක්කම උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ඉක්මවූ අතර බොහෝ චාරිත්‍ර එළිමහනේ සිදුකිරීමට වීම නිසා අධික උෂ්ණත්වයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

තෙරපීම් හා කූඩාරම් ගිනි ගැනීම ඇතුළු සිදුවීම් නිසාද හජ් වන්දනාවේදී මරණ සිදු වනවා. පසුගිය වසරේ ද හජ් වන්දනාව අතරතුර පුද්ගලයින් 240 දෙනෙකු මිය ගියා. බදාදායින් හජ් වන්දනාව අවසන් වනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *