ඉන්දියාවේ මුම්බායිහි කුණාටුවක් හේතුවෙන් දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා සිටිනවා
ඉන්දීය පොලිසියට අනුව මීටර් 70 ත් 50 ත් ප්රමාණයේ දැන්වීම් පුවරුව නගරයේ නිවාස සහ ඉන්ධන පිරවුම්හලක් මතට වැටී තිබේ
තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු සිරවී සිටින අතර මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්රියාත්මකව පවතිනවා
එම දැන්වීම් පුවරුවේ ප්රමාණය අවසර ලත් ප්රමාණයට වඩා කිහිප ගුණයකින් වැඩි බවත්, එය සවිකළ ආයතනයට අවසරයක් නොතිබූ බවත් බලධාරීන් පවසා සිටියා