බංග්ලාදේශ හිටපු අගමැති ශෙයික් හසීනා සම්බන්ධයෙන් අද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජෙයිශංකර් විසින් .
ප්‍රකාශයක් සිදු කර තිබෙනවා .
ඒ අනුව ඔහු පවසා ඇත්තේ බංග්ලාදේශයේ නීතිය සහ සාමය යළි ස්ථාපනය වන තෙක් ඉන්දියාව අවධානයෙන් පසුවන බවයි
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර්, පලකළ අදහස් පහතින්
“ඉතාම කෙටි දැනුම්දීමකින් ඇය කෙටි කාලයක් සඳහා ඉන්දියාවට පැමිණීමට අවසර ඉල්ලුවා. ඒ සමඟම ගුවන් කලාපය නිදහස් කරන ලෙසත් බංග්ලාදේශ බලධාරීන් ඉල්ලා සිටියා. ඇය දිල්ලි වෙත ළඟා වුණේ ඊයේ පස්වරුවේයි. බංග්ලාදේශයේ නීතිය සහ සාමය යළි ස්ථාපනය වන තෙක් අපි අවධානයෙන් සිටිනවා.”
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා බංග්ලාදේශයේ තත්ත්වය පිළිබඳව සර්ව පාක්ෂික රැස්වීමක් ද කැඳවා දැනුවත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා .
ජනතා විරෝධය මැද පළාගිය ශෙයික් හසීනා දැනට ඉන්දියාවේ නවදිල්ලි නුවර ගුවන් හමුදා කඳවුරක රැඳී සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ .
ශෙයික් හසීනා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ද හමුවී ඇති බවයි වාර්තා වන්නේ