Sun. Jun 29th, 2025

බාහිර රටවල් දකුණු චීන මුහුදේ ගැටුම්කාරී තත්ත්වය උත්සන්න කිරීම පිළිබඳ චීනයේ දැඩි විරෝධය

Aug16,2024

දකුණු චීන මුහුදු ප්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වය උත්සන්න කිරීමට ඇමරිකාව, ජපානය යන රටවල් අඛණ්ඩ ව කටයුතු කරන බව චීනය පවසනවා.

චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශ ප්‍රවෘත්ති අංශයේ උප ප්‍රධානී, පුවත් ප්‍රකාශක Zhang Xiaogang මහතා අද(16) මේ බව පැවසුවා.

ඇ.ඩො.කෝටි 50ක වටිනාකමින් යුත් ආධාරයක් පිලිපීනය වෙත සපයන බවට ඇමරිකාව පසුගිය දා ප්‍රකාශයට පත් කළා. ඒ චීනයේ වෙරළාරක්ෂක බලකායට මුහුණ දීමට පිලිපීනයට සහාය ලබා දීම සඳහා බවයි ඇමරිකාව පවසන්නේ.

එසේ ම, ජපානය පසුගිය දා පිලිපීනය සමග ‘පොදු නොවන සමුද්‍ර ආර්ථික කලාපයේ’ දී ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත්වූ අතර එය ‘නිදහස් හා විවෘත ඉන්දීය-ශාන්තිකර ප්‍රදේශයක්’ සහතික කිරීම සඳහා කළ බවයි ජපානය සඳහන් කරන්නේ

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Zhang Xiaogang මහතා පැවසුවේ දකුණු චීන මුහුදට කිසිදු සම්බන්ධයක් නොමැති ඇමරිකාව හා ජපානය අඛණ්ඩ ව එහි ගැටුම්කාරී තත්ත්වය උත්සන්න කරන අතර, පිලිපීනය ද අත්තනෝමතික ව එවැනි රටවල් සමග සමීප සම්බන්ධයක් පවත්වා ගනිමින් සිටින බවයි. ‍චීන මුහුදේ ස්වෛරීභාවය සැලසුම් සහගත ලෙස විනාශ කිරීමට එරෙහිව චීනය ප්‍රතිවිරෝධී මෙහෙයුම් තරයේ ම සිදු කරන බව ද ඔහු අවධාරණය කළා .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *