Sun. Jun 29th, 2025

චීන ජනාධිපතිවරයා සහ විදේශීය පාර්ලිමේන්තු නායකයින් අතර හමුවක්

Aug21,2024

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(20) ‍‍බෙයිජිං මහජන මහ ශාලාවේ දී, විදේශීය පාර්ලිමේන්තු නායකයින් හමු වුණා. චීන ජාතික මහජන කොංග්‍රසය විවිධ රටවල පාර්ලිමේන්තු සංගමයට එක්වීමේ 40 වැනි සංවත්සරය සැමරීම සහ සංවර්ධනය වෙමින් පවතින රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හයවන සම්මන්ත්‍රණයට එක් වීම සඳහා, ඔවුන් චීනයට පැමිණ තිබෙනවා.

ඒ ඒ රටවල පාර්ලිමේන්තු නායකයින් චීනයට පැමිණීම ෂී ජින් පිං මහතා ගේ පිළිගැනීමට ද ලක් වුණා. විවිධ රටවලට විවිධ ජාතික තත්ත්වයන් සහ කොන්දේසි පැවතියද, අප සියල්ලන්ම සමාන අදහස් ඇති හොඳ හවුල්කරුවන් බව, ඔහු එහිදී සඳහන් කළා.

ව්‍යවස්ථාදායක ආයතන අතර හුවමාරුව රාජ්‍ය සබඳතාවල වැදගත් කොටසක් බව ෂී ජින් පිං මහතා අවධාරණය කළ අතර තමන්ගේම ජාතික තත්ත්වයන්ට ගැලපෙන නවීකරණ මාවතක් නිර්මාණය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *