Sun. Jun 29th, 2025

කැලිෆෝනියාවේ ලැව්ගිනි – අක්කර ලක්ෂ 4 විනාශ වෙයි

Aug6,2024

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් වනාන්තර අක්කර ලක්ෂ 4ට අධික සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා.

කැලිෆෝනියා ඉතිහාසයේ ලැව්ගිනි හේතුවෙන් වැඩිම වන බිම් ප්‍රමාණයක් විනාශයට ලක්ව ඇති 4වන අවස්ථාව ලෙස මෙය සැලකෙනවා.

ප්‍රාන්තයේ ස්ථාන 94දී පමණ ලැව්ගිනි හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජනතාවට ඉවත්වීම සදහා මේ වනවිට නිවේදන 28ක් නිකුත්කර ඇති බවද සදහන්. ගොඩනැගිලි 600ට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

වියළි උණුසුම් කාලගුණය හේතුවෙන් ලැව්ගිනි ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි ගිනි නිවන අංශ පෙන්වා දෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *