ඉතියෝපියාවේ නායයෑම් වලින් මිය ගිය සංඛ්‍යාව 229 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දකුණු දිග ඉතියෝපියාවේ නායයෑම් දෙකකින් මෙසේ මිය ගොස් තිබෙනවා.
ගෝෆා කඳුකර කලාපයේ දුෂ්කර ප්‍රදේශයකට හටගත් අධික වර්ෂාවෙන් පසු ඊයේ හා පෙරේදා දිනවල මෙම නාය යාම් සිදු වුණා.
නායයාම දැකබලා ගැනීමට එම ස්ථානයට සියගණනක් ජනයා රැස්ව සිටියා.
පස් යට සිරවී සිටින අය සෙවීම සඳහා මෙහෙයුම් සිදු කෙරෙනවා.
ගෝසා කලාපයේ ප්‍රධාන පරිපාලක ඩග්මාවි අයිලේ පැවසුවේ මියගිය අය අතර වැඩිහිටියන් මෙන්ම ළමයින් ද බොහෝ පිරිසක් වන බවයි.
දිවි බේරාගත් 10 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මීට පෙර 2016 වසරේ මැයි මාසයේදී ඉතියෝපියාවේ දකුණු ප්‍රදේශය පුරා ඇදහැළුණු අධික වර්ෂාවෙන් පසු ගංවතුර හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගියා.