වෙනිසියුලාවේ විරෝධතාවල නිරත වූ 750 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මතභේදාත්මක මැතිවරණ ප්රතිඵලය සම්බන්ධයෙන් එරට විපක්ෂය සංවිධාන කරන විරෝධතා වලට සම්බන්ධ පිරිස් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කරකාස් අගනුවරට රැස්වුණු දහස් ගණන් පිරිස් ජනාධිපති නිකොලස් මදුරෝගේ ජයග්රහණය පිළිනොගන්නා බව ප්රකාශ කරමින් විරෝධතා වලට එක්ව සිටිනවා.
විපක්ෂ අපේක්ෂකයා සියයට 70ක ඡන්ද ප්රතිශතයක් ලබා ජයගත් බව විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.
නව රජයක් පත් කරනතුරු මෙම විරෝධතා නවත්වන්නේ නැති බවයි ඔවුන් පවසන්නේ.
කෙසේ වෙතත් එරට හමුදාව හා පොලිසිය මදුරෝ පාලනයට පක්ෂපාතීව කටයුතු කරන අතර ඇතැම් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් හා රබර් උණ්ඩ ප්රහාර ද එල්ල කළා.