Sat. Jun 28th, 2025

බෙරිල් ප්‍රචණ්ඩ වෙයි

Jul3,2024

බෙරිල් සුළි කුණාටුවේ බලපෑමෙන් කැරිබියන්හි ග්‍රෙනාඩා හා ශාන්ත වින්සන්ට් යන දූපත්වලට දැඩි හානි සිදුවී තිබෙනවා.

පුද්ගලයින් තුන් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පස්වන කාණ්ඩය දක්වා බෙරිල් සුළි කුණාටුවේ ප්‍රබලත්වය මේ වන විට ඉහළ ගොස් ඇති බවයි ඇමෙරිකා ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසන්නේ.

පැයට කිලෝ මීටර 240ක පමණ ප්‍රබලත්වයෙන් යුතු සුළි කුණාටුව ජැමෙයිකා දූපත දෙසට ගමන් කරමින් පවතින බව ද එම මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

සුළි කුණාටුවේ බලපෑමෙන් ග්‍රෙනාඩාවට අයත් කැරකුව් දූපතේ බහුතරයක් අවතැන්ව සිටින බව ද සඳහන්.

ගොඩනැගිලි සියල්ලම පාහේ සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති අතර මහාමාර්ග සියල්ල ද අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

සුළි කුණාටුව හේතුවෙන් බාබඩෝස්, ශාන්ත ලුසියා, ටොබැගෝ සහ ග්‍රෙනඩින්ස් යන දූපත් වලට ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *