ඉතාලි වෙරළ අසලදී යාත්‍රාවක් ගිලී යාමෙන් පුද්ගලයන් 7දෙනෙකු අතුරුදන්ව තිබෙනවා
අද අලුයම සිසිලි වෙරළට ඔබ්බෙන් ගමන්ගත් රුවල් යාත්‍රාවක් අනතුරට ලක්වී අතුරුදන්ව ඇති බව ඉතාලි ගිනි නිවීම් හා ගලවා ගැනීමේ සේවය පවසනවා.
අඩි 183 ක් උසැති මෙම යාත්‍රාව බ්‍රිතාන්‍ය ධජය යටතේ පියාසර කර ඇති අතර අතුරුදහන් වූවන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් හතර දෙනෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .
සෙසු අය ඇමරිකා හා කැනඩා ජාතිකයන්.
අනතුරට ලක්වන විට යාත්‍රාවේ පුද්ගලයින් 22 දෙදෙනෙකු ගමන් කර තිබෙන බව සඳහන් .
කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු හා මගීන් 12 ක් ඊට ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ