Mon. Jun 30th, 2025

පැය 36ක් වැඩ කර , මහන්සියට ඇහැ පියවුණු මොහොතටවෛද්‍යවරියව දූෂණය කර මරා දාලා – මනුස්සකම කොහෙද මිනිසුනේ ?

Aug15,2024

ඉන්දියාවේ වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීමෙන් පසු කොල්කටාහි දැවැන්ත විරෝධතා ආරම්භ කර තිබෙනවා.

බටහිර බෙංගාල ප්‍රාන්තයේ කොල්කටාහි වීථි රැසක පැවැති විරෝධතා සඳහා කාන්තාවන් දහස් ගනණක් ඊයේ රාත්‍රියේ එක්ව සිටියා.

පසුගිය සිකුරාදා කොල්කටාහි රජයේ රෝහලක 31 හැවිරිදි අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමට එරෙහිවයි මෙම විරෝධතා පැවැත්වෙන්නේ.

සතියකට ආසන්න කාලයක් පැවති විරෝධතා ක්‍රමයෙන් වර්ධනය වූ අතර එය ඊයේ දැවැන්ත විරෝධතාවක් බවට පත්ව තිබුණා.

පැය 36 ක වෙහෙසකර වැඩ මුරයකින් පසු නියමිත විවේකාගාරයක් නොමැතිකම හේතුවෙන් ඇය සම්මන්ත්‍රණ ශාලාවක නින්දට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසුදා උදෑසන මිතුරන් විසින් ඇගේ අඩ නිරුවත් සිරුර එම ශාලා වේදිකාවේ තුවාල සහිතව තිබී සොයා ගත් බව සඳහන්.

මෙම දරුණු අපරාධය සම්බන්ධයෙන් රෝහල් ස්වේච්ඡා සේවකයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමාජ මාධ්‍ය මීට ලබාදුන් ප්‍රචාරයත් සමග සෑම වයස් මට්ටමකම කාන්තාවන් වැසි සහිත  මධ්‍යයේ වුවද ඊයේ රාත්‍රියේ පෙළපාලි සඳහා එක්ව සිටියා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *