ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ පෙන්වූ අසාර්ථකත්වය හේතුවෙන් ඇමරිකා රහස් සේවා ප්‍රධානියා ඉල්ලා අස්වී තිබෙනවා.
හිටපු ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සාහයක් වැලැක්වීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඇමරිකා රහස් සේවා අධ්‍යක්ෂ කිම් චේට්ල් ඉල්ලා අස්වී තිබෙනවා.
ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යක්ෂවරයා වශයෙන් ආරක්‍ෂක දෝෂවල සම්පූර්ණ වගකීම තමන් භාරගන්නා බවයි.
තම කාර්ය මණ්ඩලය වෙත ඉල්ලා අස්වීමේ ලිපියක් යොමු කරමින් ඇය මේ බව සඳහන් කළා.
වෙඩි තැබීම සම්බන්ධයෙන් සඳුදා පැවති මතභේදාත්මක නඩු විභාගයකින් පසු ඉවත් වන ලෙස ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකෙන්ම ඇයට ඇමතුම් ලැබී තිබුණා.
මේ මස මුලදී පෙන්සිල්වේනියාවේ බට්ලර් හි ට්‍රම්ප්ගේ ප්‍රචාරක රැලියට වෙඩි තැබීම පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දීම ඇය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ නඩු විභාගයේ විනිශ්චය කරුවන් කලකිරීමට පත්ව තිබුණා.