Sun. Jun 29th, 2025

ආසියා පැසිෆික් කලාපයට හමුදා කඳවුරු අවශ්‍ය නොවන බවට චීනයෙන් ප්‍රකාශයක්

Jul9,2024

ජපානය සහ පිලිපීනය ඒකාබද්ධ ප්‍රවේශ ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(08) චීනයේ ස්ථාවරය පැහැදිලි කළා.

රටවල් අතර හුවමාරු සහ සහයෝගීතාව පවත්වා ගැනීමේදී කලාපයේ අනෙකුත් රටවල් අතර විශ්වාසය පළුදු නොවිය යුතුය. ඒ ඔස්සේ කලාපීය සාමය හා ස්ථාවරත්වය බිඳ නොදැමිය යුතු බවත්, කිසිදු පාර්ශ්වයකට ඉන් හානියක් සිදු නොවිය යුතු බවත්, ඔහු සඳහන් කළා.

ආසියා පැසිෆික් කලාපයට හමුදා කඳවුරු අවශ්‍ය නොවන බව පැවසූ Lin Jian මහතා දෙවන ලෝක යුද්ධ සමයේදී, ජපානය පිලිපීනය ඇතුළු අග්නිදිග ආසියාතික රටවල් ආක්‍රමණය කර එම රටවල් යටත් විජිත බවට පත් කළ බව ද එහිදී ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *