සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පළමු විස්සයි 20 තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
මෙම තරගය දඹුල්ලේදී ඊයේ (13) රාත්රියේදී පැවැත්විණි.
පළමුව පන්දුවට පහරදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 180ක ඉලක්කය පන්දුවාර 19.1කදී පසුකර යාමට කොදෙව් කණ්ඩායමට හැකිවුණා.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව පෙරළිකාර ආරම්භයක් ලබාගැනීමට කොදෙව් ආරම්භක පිතිකරුවන් වූ බ්‍රෙන්ඩන් කිං හා එවින් ලුවිස් සමත් වූ අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දු 55කින් ලකුණු 107ක සබඳතාවක් ගොඩනැගුවා.
ඉන් බ්‍රෙන්ඩන් කිං පන්දු 33කින් ලකුණු 63ක් රැස්කළ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 11ක් ඇතුළත්.
ලුවිස් පන්දු 28කින් ලකුණු 50ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් ඇතුළත් වුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් යම් තරමක හෝ පන්දු යැවීමෙන් සාර්ථක වූ මතීෂ පතිරණ ලකුණු 27කට කඩුලු 2ක් දවාගත්තා.
මෙහිදී කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 179ක් රැස් කළා.
එහිදී කමිඳු මෙන්ඩිස් සහ නායක චරිත් අසලංක තරඟකාරී අර්ධ ශතක දෙකක් රැස් කළා.
මෙම ජයත් සමග තරග 3කින් යුත් තරගාවලිය අතර 1-0ක් ලෙස කොදෙව් කණ්ඩායම පෙරමුණ ගත්තා.
තරගයේ වීරයා ලෙස බ්‍රෙන්ඩන් කිං සම්මාන දිනාගත්තා.
දෙරට අතර දෙවැනි විස්සයි20 තරගය හෙට (15) මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනවා.