Sat. Jun 28th, 2025

තෙදිනකට පසු මෙන්න තත්ත්වය

MANCHESTER, ENGLAND - AUGUST 21: Kusal Mendis of Sri Lanka leaves the field after being dismissed by Mark Wood during the first day of the first Test Match between England and Sri Lanka at Emirates Old Trafford on August 21, 2024 in Manchester, England. (Photo by Philip Brown/Popperfoto/Popperfoto via Getty Images)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවෙනි ඉනිම වෙනු‍වෙන් කඬුලු 06ක් දැවී ලකුණු 204ක් ලබා සිටියා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණඩායමට වඩා ලකුණු 82ක් ඉදිරියෙන් පසු වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 65ක් ලබා ගත් අතර කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 56ක් ලබා සිටිනවා. නිශාන් මදුෂ්ක සහ කුසල් මෙන්ඩිස් කිසිඳු ලකුණක් ලබා ගැනීමට සමත් වුණේ නෑ.

ක්‍රිස් වෝකස් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් කඬුලු 02ක් දවා ගත්තා.

පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 236ක් ලබා ගත් අතර ඊට පිළිතුරු වශයෙන් ජෙමී ස්මිත් ලබා ගත් මංගල ටෙස්ට් ශතකයත් සමඟ එංගලන්ත කණ්ඩායම ලකුණු 358ක් ලබා ගත්තා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *