Sat. Jun 28th, 2025

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉදිරියට

May4,2024

2024 කාන්තා 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට අපරාජිතව සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (03) සමත් විය.

ඒ තරගාවලියේ පළමු වටය යටතේ තමන් සහභාගී වූ අවසන් තරගයේදී අමෙරිකා කණ්ඩායම පරාජය කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දිමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 123කි.

විශ්මි ගුණරත්න ලකුණු 25ක් රැස්කළ අතර හංසිමා කරුණාරත්න නොදැවි ලකුණු 25ක් රැස්කළාය.

ලකුණු 124ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි අමෙරිකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවි රැස්කර ගත හැකිවූයේ ලකුණු 105ක් පමණි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නායිකා චමරි අතපත්තු ලකුණු 14 ට කඩුලු තුනක් දවාගත්තාය.

උදේශිකා ප්‍රබෝධනි සහ ඉනෝකා රණවීර එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූවෝය.

චමරි අතපත්තු තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවාය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *