Sat. Jun 28th, 2025

“පළමුව විනය හදන්න ඕනෙ” සනත් වැඩේට බසී

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන්ගේ විනය විශාල වශයෙන් පිරිහිලා ගිහින්. වෘත්තීය ක්‍රීඩකයො විදිහට අපි විනය ආරක්ෂා කරන්න ඕනෙ. කණ්ඩායමේ විනය හදලා තමයි අනෙක් දේවල් කරන්න බලාපොරොත්තු වෙන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අතරමැදි ප්‍රධාන පුහුණුකරු ලෙස අභිනවයෙන් පත්වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සනත් ජයසූරිය මෙසේද කියා සිටියේය.

“ක්‍රීඩාංගණය තුළදී මෙන්ම ක්‍රීඩාංගණයෙන් පිටදීත් ඇතැම් ක්‍රීඩකයන්ගෙ හැසිරීම ගැන ලොකු විවේචන එල්ලවෙලා තියෙනවා.

මගේ අලුත් තනතුරට සුබ පතන්න කතා කරපු බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලා සිටියේ කණ්ඩායමේ විනය හදන්න කියලා.
එල්පීඑල් තරගාවලියෙන් පස්සෙ අපි පුහුණුවීම් පටන් ගන්නවා. බොහෝවිට ලබන 18-19 විතර වෙයි. ඒ වගේම මේක මට තනියම කරන්න පුළුවන් රාජකාරියක් නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සියලුම නිලධාරීන්ගේ සහ අනෙකුත් පුහුණුකරුවන්ගේ සහාය ලබාගන්න ඕනෙ. ඒ අය එක්ක වෙන වෙනම මං කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

අපිට හොඳ දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඉන්නෙ. ඒ අයගෙ මේ අඩුපාඩු මඟහරවා ගන්න ලැබුණොත් අපට හොඳ තැනකට යන්න පුළුවන් යැයි සනත් ජයසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය. ඒ වගේම කණ්ඩායම උපරිම සහාය දෙන්න ඕනෙ.

ක්‍රිකට් පුහුණුකාර ධුරය මට ලැබිච්ච ලොකු අභියෝගයක්. මං කොහොමහරි ඒ අභියෝගය ජයගෙන උපරිමයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.

මට මේ තනතුර ලැබිලා තියෙන්නෙ එළැඹෙන ඉන්දීය සංචාරය සහ එංගලන්ත ටෙස්ට් සංචාරය සඳහායි. ඒ සඳහා අපි ලොකු සැලසුමකට අනුව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන් ගැන ලොකු චෝදනා තියෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *