ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් 166 වෙනි ටෙස්ට් හිස්වැසුම පැළඳීමට මිලාන් රත්නායක අද සමත් වෙනු ඇති.
ඒ සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර මැන්චෙස්ටර්හිදී අද ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟයේදී ඔහුට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වරම් හිමි වීමත් සමඟයි.
ධනංජය සිල්වාගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි ටෙස්ට් තරඟාවලිය මෙය වන අතර ශ්‍රී ලංකා වේලාවෙන් සවස 03ට තරඟය ආරම්භ කිරීමට නියමිතයි.