එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ටෙස්ට් ශතකලාභියාගේ වාර්තාවට හිමිකම් කීමට ඊයේ ජෝ රූට් සමත් වුණා.
ඒ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ දෙවැනි ඉනිමේදී සිය 34 වැනි ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තා කරමින්.
පළමු ඉනිමේදී ද ශතකයක් වාර්තා කළ රූට් මෙම ශතකයත් සමඟ ලෝඩ්ස් පිටියේදී ශතක 07ක් වාර්තා කර ඇති අතර ලෝඩ්ස් පිටියේ වැඩිම ශතකලාභියාගේ වාර්තාව ද තමාගේ නම ඉදිරියේ සටහන් කර ගැනීමට ද සමත් වුණා.
පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 427ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 196ක් පමණයි. දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 251කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
තුන් වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඬුලු 02ක් දැවී ලකුණු 53ක් ලබාගෙන එංගලන්ත කණ්ඩායමට වඩා ලකුණු 430ක් පිටුපසින් සිටිනවා.