Sat. Jun 28th, 2025

හර්ෂිතා‍ගේ ශතකය අපතේ යයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහණය එක් තරඟයක් ඉතිරිව තිබියදී තහවුරු කර ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ තරඟ තුනකින් සමන්විත තරඟාවලියේ පළමු තරඟ දෙකම ජයග්‍රහණය කරමින්.

මෙම තරඟයේදී හර්ෂිතා සමරවික්‍රම විසින් සංයමයෙන් යුතුව සිය ඉනිම ශතකයක් දක්වා රැගෙන ගිය නමුත් පසුපෙළ පිතිකාරිනියන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය නිසා එය ජයග්‍රාහී ශතකයක් බවට පත් කර ගැනීමට හැකි වුණේ නෑ.

අයර්ලන්ත කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 05ක් දැවී ලකුණු 255ක් රැස් කර ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 240ක් පමණයි. එහිදී හර්ෂිතා සමරවික්‍රම පන්දු 124කදී ලකුණු 105ක් ලබා ගත් අතර ඇයට අනගි සහයක් ලබා දුන් කවීෂා දිල්හාරි පන්දු 71කදී ලකුණු 53ක් ලබා ගත්තා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *