Fri. May 2nd, 2025

පළමු දිනයේ ගෞරවය රැකෙයි

MANCHESTER, ENGLAND - AUGUST 21: Sri Lanka batsman Dhananjaya de Silva is congratulated by Milan Rathnayake after reaching his half century during day one of the First Test Match between England and Sri Lanka at Emirates Old Trafford on August 21, 2024 in Manchester, England. (Photo by Stu Forster/Getty Images)

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය තරමක් ගෞරවාන්විත ලෙස අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 236ක් පමණයි. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය සිල්වා ලකුණු 74ක් ලබා ගත් අතර සිය මංගල ජාත්‍යන්තර ටෙස්ට් තරඟය ක්‍රීඩා කළ මිලාන් රත්නායක ලකුණු 72ක් රැස් කළා.

කෙසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඬුලු 03 ලකුණු 06ක් තුළ බිඳ දැමීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස් වෝකස් සහ ෂොයිබ් බෂීර් කඬුලු 03 බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

දිනය අවසන් වන විට එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 22ක් ලබා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *