Fri. Jun 27th, 2025

එංගලන්තයට පහසු ජයක්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් තරඟයෙන් ලකුණු 190ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ තරඟයේ සිව් වැනි දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවනි ඉනිම ලකුණු 292කට සීමා කරමින්.

දෙවන ඉනිම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 58ක්, දිමුත් කරුණාරත්න ලකුණු 55ක් සහ නායක ධනංජය සිල්වා ලකුණු 50ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ලකුණු 65කට කඬුලු 05ක් දවා ගත් ගස් ඇට්කින්සන්ට තරඟයේ වීරයා සම්මානය හිමි වුණේ ඔහු සමස්ත තරඟය පිත්තෙන් හා පන්දුවෙන් ප්‍රදර්ශනය කළ දස්කම් හේතුවෙන්.

ඒ අනුව එක් තරඟයක් ඉතිරිව තිබියදී තරඟාවලියේ ජය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *